නවසීලන්තයේ රිවර්ස්ඩේල්හි සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රීලාංකිකයෙක් මරණයට පත්ව ඇතැයි රිවර්ස්ඩේල් පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ බදුල්ලේ පදිංචි ප්‍රදීප් ඉදිරිසිංහ (44) මහතාය.ඔහු රිවර්ස්ඩේල්හි කිරි ගොවිපලක සේවය කරමින් සිටි අයෙක් බව සඳහන්ය.
පොලිස් වාර්තා වලට අනුව ප්‍රදීප් ධාවනය කළ මෝටර් රථය මංසන්ධියක නවතා තිබියදී වෑන් රියක් එහි ගැටී තිබේ.ප්‍රදීප් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තත්ත්වයෙහි සිටි වෑන් රියැදුරු හා එහි සිටි තවත් කාන්තාවක් වහාම රෝහල් ගතකර ඇත.ඔවුන් දෙදෙන ඉතාලි ජාතිකයෝය.
දේහය ශ්‍රීලංකාවට ගෙනඒමට පියවර ගෙන ඇතැයි ඉතාලියේ සිටින ඩිලීෂියා ඩෙවෝටෝ මහත්මිය කියයි.
තොරතුරු ඩිලීෂියා ඩෙවෝටෝ මහත්මියගේ ෆේස්බුක් පිටුවෙනි.


